ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරී ඉවතට

  • By editor
  • December 22, 2023
  • 0
  • 197 Views

ලංකාදීප පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ සිරී රණසිංහ මහතා අද එම ධූරයෙන් ඉවත් වී තිබේ.

ඔහුගේ වසර 33ක සේවය වෙනුවෙන් උපහාර උත්සවයක් පසුගිය බදාදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවත්වා තිබුණි.

එහිදී ඔහු අදහස් දක්වමින් සදහන් කර තිබුණේ තමන් තවදුරටත් එම ධූරයේ කටයුතු කිරීම පිළිබඳ ජනතාව තීන්දු කරනු ඇති බවය. එසේම ඔහු ඉල්ලා අස්වීමට අදහසක් නොමැති බවට එහිදී ඔහු ව්‍යාංගාර්ථයෙන් සදහන් කර තිබුණි.

කෙසෙවෙතත් ඔහු අද දිනයේ හදිසියේම ලංකාදීප පුවත්පතෙහි කර්තෲ මණ්ඩලය හමු වී තමන් ඉල්ලා අස්වන බවට සදහන් කර තිබූ බව ද වාර්තා වේ.

වාර්තාවන අන්දමට විජය පුවත්පත් සමාගම සිරී රණසිංහ මහතාට සේවා දිගුවක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *