ලංකාවේ කාන්තාව ජාත්‍යන්තරයට

  • By editor
  • April 7, 2023
  • 0
  • 122 Views

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ රැස්වීමේ දී එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම සදහා ශ‍්‍රී ලංකාව ද තෝරාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව 2024 සිට 2028 දක්වා කාලය සදහා මෙම පත්කිරීම සිදුකර ඇති අතර මෙම කොමිසමට තේරී පත් වූ සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලිවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තයයි.

1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාම කැප වූ ප‍්‍රධාන එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ආයතනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *