ඇමරිකාවේ ජෝන් හෝකිංස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා විසින් සකස් කරන ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල්වල දර්ශකයේ පළමු පිටුවෙන් ශ්‍රී ලංකාව ඉවත්ව ඇත.
මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාව එම දර්ශකයේ 18 වැනි ස්ථානයෙහි පසු වූ අතර 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම දර්ශකයෙහි දෙවැනි ස්ථානයෙහි ය.
එවකට ඉහල උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම දෙවනි වූයේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණි.