ලංවිමේ හොර වැඩ එළියට – නාමල්ගේ උත්සවයක තවත් හිග බිලක්

  • By editor
  • October 22, 2023
  • 0
  • 70 Views

මේ දිනවල කතාබහට ලක්වන සමනල වැවේ ඇති ජල කාන්දුව වසා දැමීමට ක්‍රියා නොකරන්නේ විදුලිබල මන්ඩලයේ වෘත්තීය සමිති නායකයෙකුට අයත් විදුලි බලාගාරයක් එම ජල කාන්දුව උපයෝගී කරගනිමින් සමනලවැව පහලින් ක්‍රියාත්මක වන නිසා බවට ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා හෙළි කර තිබේ.

එමෙන්ම තාරුණ්‍යට හෙටක් සංවිධානයේ උත්සවයකට විදුලිය ලබාගෙන නොගෙවු ලක්ෂ 11ක විදුලි බිලක් පවතින බවත් එම උත්සවය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්වූ බවත් හෙතෙම හෙළි කළේය.

ඉන්දියාවේ අදානි සමාගමට සහ ටටා සමාගමට විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට ද රන්ජන් ජයලාල් මහතා එහිදී පෙන්වා දුන්නේය.

අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *