ලංසාගේ පක්ෂයට ශ්‍රීලනිප සහය

  • By editor
  • September 3, 2023
  • 0
  • 198 Views

අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වය යටතේ පිහිටුවන ලද නව දේශපාලන සන්ධානයට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට සාකච්ඡා පවත්වන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සදහා එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන සහ එම කණ්ඩායම අතර රහසිගත හමුවක් පසුගිය දා පවත්වා තිබේ.

මෙම තීරණයට පටහැනිව ක්‍රියාකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ තනතුරු ගණනාවක් ඉක්මනින්ම වෙනස් කිරීමට ද මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

කෙසෙවෙතත් පසුගිය දිනවල එහි මහලේකම් දයාසිරි ජයසේකර සමග පක්ෂයේ ඇතැම් අය අර්බුදකාරී තත්වයන් ඇතිකරගෙන ද තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *