ලක්ෂ 50 ට අධික දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයින් දෙදෙනෙක් දැලේ

  • By editor
  • January 7, 2024
  • 0
  • 62 Views

රුපියල් පනස් දෙලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ. 

ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සතු ගමන් මලු තුළ දුම්වැටි 52,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 262 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොවුන් අතරින් එක් අයෙකු නිට්ටඹුව , රුක්ගහවිළ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර අනෙක් සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *