ලබන වසරේ අභියෝගාත්මක අය වැයක් – රංජිත් සියඹලාපිටිය

  • By editor
  • August 26, 2023
  • 0
  • 216 Views

2024 අය වැය යෝජනාවලියට අදාලව වැය යෝජනා ලබාගැනීම අගෝස්තු මස 22 වනදා දක්වා සිදුකළ බවත්, ඒ අනුව එම වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට ආරම්භ කරන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති පාලම වසර 123 ක් පමණ පැරණි අතර , එය අබලන් තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව මෙම පාලම කඩා ඉවත් කර යළි ඉදිකිරීම සඳහා රු. මිලියන 465 ක් වෙන් කර ඇති අතර, ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ඊයේ සවස එහි නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ ලබන වසරේද අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවන බවත් , කෙසේ වෙතත් රටේ ආර්ථිකය බංකොලොත් කියන තැනින් මිදී ධනාත්මක ආර්ථියක් කරා යන ගමනකට අවශ්‍ය පහසුකම් සැපයෙන අයවැයක් ඉදිරිපත් කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *