ලලිත් කොතලාවලගේ මරණය සැකයි – නීතිඥයින් පිරිසක් දේපළ හොර ඔප්පු සාදා පවරාගෙන

  • By editor
  • October 24, 2023
  • 0
  • 177 Views

අභාවප්‍රාප්ත ලලිත් කොතලාවල මහතාගේ බිලියන දහයක දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ පවරා ගෙන ඇති බව ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය සඳහන් කරයි

එසේම ඒ මහතාගේ මරණය සැක සහිත බවත් ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් වාර්තා කරයි.

එහි කැඳවුම්කරු මාර්කෝ පෙරේරා මහතා අන්තර්ජාල නාලිකාවකට අදහස් දක්වමින් මේ බව සදහන් කර තිබුණි.

එසේම නීතිඥ කණ්ඩායම් විසින් කොතලාවල මහතා හිර කරගෙන සිටි බවට ද ඔහු චෝදනා කරන අතර ඔහුගේ දේපළ කිසිවක් කොතලාවල මහත්මියට දැන් හිමි නැති බවත් ඒ ඒ සියල්ල හොර ඔප්පු සකසා පවරා ගෙන ඇති බවත් ඔහු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *