ලස්සන වෙන්න දගලන අයට පණිවුඩයක්

  • By editor
  • February 26, 2024
  • 0
  • 85 Views

පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් අනාවරණ කළේ එවැනි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් රැසක් ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින බවය.

නිසි සුදුසුකම් නැති වෛද්‍යවරුන් ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමේදී මතුවන අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

මේ අතර පසුගියදා මහනුවර පෞද්ගලික රෝහලකදී සිදුකළ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක මේදය ඉවත්කිරීමේ සැත්කමද රෝගී ජීවිත අවදානමක් සහිත සැත්කමක් බව එහිදී වෛද්‍යවරුන් අනාවරණ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *