ලිංගික අපචාර චෝදනා ලද මාගාල්කන්දේ සුදන්ත සහ ඝෝඨාගේ ලේකම් අතර සාකච්චාවක්

  • By editor
  • August 21, 2023
  • 0
  • 169 Views

ජපානයේදී සම ලිංගික ඇසුරක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ මාගල්කන්දේ සුදත්ත හිමියන් යළි දිවයිනට පැමිණීමෙන් පසුව සුව දුක් විමසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ගොස් ඇති බව වාර්තා වෙයි.

මාගල්කන්දේ සුදත්ත හිමියන් දිවයිනට පැමිණ විහාරස්ථානයට වී රහසිගත ජීවිතයක් ගෙවන අතර ඔහු විසින් ජපානයේදී සිදු කළ සම ලිංගික ඇසුරක් පිළිබදව වූ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් ප්‍රචාරය විය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා දේශපාලන කටයුතු පිළිබද කතා කළ අතර විපක්ෂ නායකවරයාගේ සහ සමගි ජන බලවේගයේ සභාපතිවරයාගේද ක්‍රියා කළාපය පිළිබද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

ඒ අනුව සමගි ජන බලවේගගේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කොලඹ ලිප්ටන් වටරවුමේ සිදුකළ විරෝධතාවයද අසාර්ථක බව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම විරෝධතාවයට බස් රථ 31ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර එම බස්රථවල සිටි පිරිස 340ක් බව ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *