ලිංගික අල්ලස් චෝදනා ඔප්පු වුණොත් කෝප් සභාපති ඉල්ලා අස්වෙන්න සූදානම් 

  • By editor
  • November 20, 2023
  • 0
  • 97 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පසුගිය දා එල්ල කළ  ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පවසයි.

තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවය.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *