ශ්‍රී ලංකාවේ අර්බුදකාරී දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා බලපෑමක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි.
එමෙන්ම බාහිර මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රටෙහි ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම කල යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
ලෝක බැංකුව සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය සහ ඉදිරියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවය.
2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.