වකුගඩු සැත්කමක දී මිය ගිය 3 හැවිරිදි දරුවාගේ වකුගඩු නියමිත ස්ථානයේ තිබූ බව සාක්ෂි වලින් හෙළි වේ

  • By editor
  • September 1, 2023
  • 0
  • 126 Views

පසුගිය දා ආන්දෝලනයකට තුඩු දුන් හම්දි ෆස්ලින් නැමති අවුරුදු 03ක දරුවෙකු වකුගඩු සැත්කමකින් පසුව මිය යාම සිද්ධියට අදාළව කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු වන මලික් සමරසිංහ ඊයේ (31) මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ දරුවාගේ මරණ පරික්ෂණය කැඳවූ අවස්ථාවේදී මෙලෙස සාක්ෂි ලබා දෙන ලදී.

ජූලි 27 මෙම දරුවා මිය ගිය අතර දරුවාගේ දෙමාපියන් චෝදනා කරන්නේ සැත්කමේ දී වෛද්‍යවරුන් විසින් දරුවාගේ වම් වකුගඩුව වෙනුවට දකුණු වකුගඩුව ඉවත් කර ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේ දරුවාගේ දෙමව්පියන් විසින් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22වන දා නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුවයි.

මිය ගිය දරුවාගේ උදරයේ ඉදිමුමක් තිබූ බැවින් 2021 වසරේ දී වෙනත් වෛද්‍යවරයෙකු විසින් තමා වෙත දරුවාව යොමු කළ බව සිය සාක්ෂියේ දී විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත.

මෙම දරුවා කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලට යොමු කර ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පවසා ඇත.

වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේ පර්‍යේෂණ වාර්තාවන්ට අනුව මිය ගිය දරුවාගේ වකුගඩු නියමිත ස්ථානයේ පිහිටා තිබූ බවත්, ඔහුගේ වම් වකුගඩුව 9%ක පමණ දුර්වල තත්ත්වයක පැවතියද දකුණු වකුගඩුව 91%ක පමණ යහපත් මට්ටමක පැවති බව වන අතර වෛද්‍යවරයාගේ සාක්ෂි දැක්වීම ලබන 5 දක්වා කල් දමනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *