වඩිවේල් සුරේෂ් සජබයෙන් දොට්ට

  • By editor
  • October 23, 2023
  • 0
  • 121 Views

සමගි ජන බලවේගය විසින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ එච් එම් ෆවුසි මහතාට හා අරවින්ද කුමාර් මහතාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ද පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර ඇත.

පක්ෂයේ ආසන මට්ටමෙන් කාර්යක්ෂමව සංවිධාන කටයුතු සිදු නොකරන ආසන සංවිධායක සම්බන්ධයෙන්ද විකල්ප වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *