දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන් නිසා කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල යුද හමුදාව හා පොලිස් නිලධාරීන් කැඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
දුම්රිය ක්‍රියාකරුවන් විසින් වර්ජනයක් දියත් කිරීම හේතුවෙන් රට පුරා බොහෝ දුම්රිය ස්ථාන වල මගී ජනතාව විසින් දුම්රිය කාර්යමණ්ඩල සමග බහින්බස් වීම් ඇති වී උණුසුම් තත්වයන් සිදුව තිබේ.
මේ හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇත.