වස පානය කර මියගිය පවුලේ අයගේ අභිරහස මෙන්න – මේ අය ගැනත් අවධානයෙන් ඉන්න පොලිසිය දැනුම් දෙයි

  • By editor
  • January 3, 2024
  • 0
  • 133 Views

පසුගිය දා කාගෙත් අවධානයට ලක් වු කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විවිධ ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශනා සිදුකර ඇති බවත් ඔහුගේ දේශනාවලට සවන්දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ වනවිට සියදිවි හානිකරගෙන ඇති බව අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයින් ඔහුගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනාවලදී සඳහන් කර ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නොමැති බවත් මේ වනවිට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

එසේම ඔහු මාසයකට රුපියල් 150,000ක් වැනි මුදලක් ගෙවා කොට්ටාව ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *