වැට් බදු පනත නිසා ශ්‍රීලනිපය දෙඩක වෙයි ද

  • By editor
  • December 11, 2023
  • 0
  • 61 Views

පාර්ලිමේන්තුවේ අද (11) දිනයේදී යළිත් විවාදයට ගැනීමට නියමිත වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ඇමතිකම් දරණ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසෙවෙතත් එම පිරිස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිසා ආණ්ඩුව විසින් ගෙනෙන පනතකට විරුද්ධ වීමට නොහැකි බව පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එහෙත් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *