මිල සීමාව ඉක්මවා ඩෙංගු පරීක්ෂණය සහ FBC පරීක්ෂණය සදහා මුදල් අය කළ බව කියන කොළඹ පුද්ගලික රෝහලක ට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් පාරිබෝගික අධිකාරී ඒකකය මගින් කරන ලද පැමිනිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබුණි.
පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනයකට අනුව ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂණය සහ FBC පරීක්ෂණය සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව පිළිවෙලින් රුපියල් 1200 ක් සහ 400 ක් වන අතර අදාල පුද්ගලික රෝහල එම මිල සීමාව ඉක්මවා මුදල් අය කරගෙන තිබේ.
මෙම දඩ මුදල ඉතිහාසයේ එක් ආයතනයකට එරෙහිව නියම වූ වැඩිම දඩ මුදල බව ද වාර්තා වේ.