වැඩි මිලට බෙහෙත් විකුණූ කොළඹ ආසිරි රෝහලට සිතාසි 

  • By editor
  • January 5, 2024
  • 0
  • 146 Views

කොළඹ ආසිරි රෝහල් කළමණාකාරීත්වයට අධිකරණයේ පෙනී සිටින ලෙසට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබේ.

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව එම රෝහලට සිතාසි නිකුත් විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් එම රෝහලට එරෙහිව විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙම නඩුව ගොනු කර ඇත.

එම විමර්ශන වලදි හෙළි වී ඇත්තේ පැරසිටමෝල් වැනි ඉතා සුලභ ඖෂධ සඳහාද රෝහල ඉහළ ගාස්තු අයකර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *