වැවුරුකන්නල විහාරයත් අදුරේ – නායක හිමි කණස්සල්ලෙන් කී දේ

  • By editor
  • June 20, 2023
  • 0
  • 146 Views

ඓතිහාසික දික්වැල්ල වැවුරුකන්නල බුදු රජ මහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (ජූනි 19) කටයුතු කර ඇත.

විදුලි බිල රුපියල් දසලක්ෂ පනස්හතර දහස් එකසිය දහඅටක් වීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර තිබේ.

මෙම විහාරස්ථානය මගින් පිරිවෙන් දෙකක් පවත්වාගෙන යන අතර විහාරස්ථානය මගින් පාසලක් ද පවත්වාගෙන යයි.

වැවුරුකන්නල විහාරස්ථානයේ විහාරාධිපති විශ්‍රාමික පරිවේණාධිපති කරතොට පඤ්ඤාසීල නායක හාමුදුරුවන් වහන්සේ ඉතා සංවේදීව සිටි අතර උන්වහන්සේ අදහස් දක්වමින් පැවසූයේ,

“1969 වසරේ මෙම දික්වැල්ල ප්‍රදේශයට සහ විහාරස්ථානයට විදුලි බලය ලබා දුන් අතර දික්වැල්ලට විදුලි බලය ලබා දීමට පෙර මෙම ඓතිහාසික වැවුරුකන්නල රජ මහා විහාරස්ථානයට විදුලිය ලබා දීමට කටයුතු කලා.

ඒ වගේ ම, 2008 වර්ෂයේ අගෝස්තු මස 30 වන දින වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එවකට පූජාභූමි හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ මේ ස්ථානය පූජා භූමියක් බවට පත් කරමින් මුල්ගල් තැබුවා. අද වන විට අප විහාරස්ථානය සම්පූර්ණයෙන් ම අන්ධකාරෙන් පවතිනවා. ඒ වගේ ම ගමේ ජනතාව, මේ අවට බොහෝ දෙනෙක් ඉතාමත් දුකින් සිටින්නේ විහාරස්ථානය අද අඳුරෙන් පවතින නිසා.

ඇත්ත වශයෙන්ම මේ කර ගත්තේ මහා අකුසල කර්මයක්, පාප කර්මයක්. මේ තරම් විශාල මුදලක් අපට ගෙවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම හිතනවා ඓතිහාසික වැවුරුකන්නල රජමහා විහාරය තව බොහෝ දිනක් අඳුරේ තියන්න වේවි කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *