විකුම් පච වූ විස්කි පාටිය

  • By editor
  • August 19, 2023
  • 0
  • 544 Views


යුද හමුදාවේ ඉහළ ස්ථර අතර මාස කීපයක් පුරා ඇවිළෙමින් තිබෙන සීතල යුද්ධය දැන් ගමන් කරමින් ඇත්තේ උච්චාස්ථානයටය. මේ සීතල යුද්ධය හටගෙන ඇත්තේ මීළඟ හමුදාපති පුටුව වෙනුවෙන් බව රහසක් නොවේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේට පොතේ හැටියට මේ දෙසැම්බර් දක්වා හමුදාපති පුටුවේ සිටිය හැකිවුවද ඔහු කලබල වී ඇතිබව පැවසෙන්නේ මේජර් ජෙනරාල් සංජය වනසිංහ හමුදාවේ දෙවැනි පුටුව ට හෙවත් මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් වීමත් සමගය.

කිර්තිමත් යුද හමුදාපතිවරයකුගේ පුතෙකු වන ඔහු හමුදාවේ මහත්මයකු ලෙස ප්‍රකටය. රජයේ ආරංචි මාර්ග වලට අනුව ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙලපහින් විශ්‍රාම ගන්වා සංජය වනසිංහ යුද හමුදාපති ධුරයට පත් කිරිමට තීරණය කර ඇත්තේ යුද හමුදාවේ ශීඝ්‍ර පරිහානිය වලක්වා ගෑනීමටය ඒ අතරේ ආරක්ෂක ලේකම්ගේ අදහස වි ඇත්තේ ඊළඟ යුද හමුදාපතිත් ගජබා රෙජිමේන්තුවෙන් පත් කර ගැනීමටය. ඒත් ජනපතිගෙන් ඊට කැමැත්තක් ලැබි නැත. මීළඟ යුද හමුදාපති පුටුව ගජබා රෙජිමේන්තුවට ලැබෙන්නේ නැති බවත් එය කාලතුවක්කු රෙජිමේන්තුවේ සංජය වනසිංහට දෙන බව ජනපති තීරණය කර අවසන් බව සඳහන්ය. එහෙත් ඒ සඳහා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙලපහින් ගෙදර යැවිය යුතුය. මින් පෙරද එවැනි පූර්වාදර්ශයක් තිබෙන අතර 2005දි එවකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ කලින් විශ්‍රාම ගන්වා සරත් ෆොන්සේකා යුද හමුදපති ලෙස පත් කෙරැණි

කෙසේ නමුදු මේ වන විට ඊලඟ යුද හමුදාපති පුටුව වෙනුවෙන් ඇති වි තිබෙන තරගය කොපමණදැයි කියනවා නම් හමුදාවේ දෙවැනි තනතුරට පත් සංජය වනසිංහ ගේ ප්‍රවෘත්තිය පල කිරීමට පෙර තෙවැනියා ⁣එනම් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් මේජර් ජෙනරාල් චමිපික රණසිංහට හමුදා මාධ්‍ය අංශයෙන් ප්‍රසිද්ධිය දි තිබුණි. චමිපික රණසිංහ යුද හමුදාපති ද අයත් ගජබා රෙජිමේන්තුවේ නිලධාරියකි. යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ වන්නේ යුද හමුදාපතිගේ මස්සිනා වන බ්‍රිගේඩියර් රවී හේරත්ය. යුද හමුදාපතිගේ සායම අවසාන මොහොතේ හෝ බේරා ගැනීමට හමුදා ප්‍රකාශක මස්සිනා ඉකුත් 16දා ලැස්ති කළ මදුපැන් සාදයත් අන්තිමේදී කෙළවර වුයේ මළ ජංජාලයකිනි.

මෙම සාදයට ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍යවේදීන් 180 කගේ නම් ලැයිස්තුවක් යවා තිබුණි. එහෙත් යුද ලේකම් කාර්යාලය එය 60 කට කපා තිබුණි . වර්තමාන යුද සේවා ලේකම් වන්නේ මේජර් ජෙනරාල් මහේන්ද්‍ර පුනාන්දුය. ඔහු මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි කාලේ ජනපති ප්‍රධාන ආරක්ෂක නිලධාරි ලෙස දිගටම රාජකාරි කළේය. අරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ හා යුද හමුදාපති ගේ මාධ්‍ය උපදේශක ගේ කීමත් නොසලකා හරිමින් හමුදාපති කාර්ය මණ්ඩලය ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් ගේ නම් මෙසේ කපා දමා තිබුණි. ඒ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න කර්නල් නිලය දැරැ කාලයේ සිට ඔහු සමග සමීප සබඳතා තිබූ මාධ්‍යවේදීන් පිරිසක්ද සිටි ඇත. එසේ නම් කපා ඇත්තේ හමුදාපති ට විරැද්ධව ප්‍රවෘත්ති ලියු හා සංජය වනසිංහ ට සහය දැක්වන පිරිසකගේය.

රාජ්‍ය මුදල් අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් වැය කරන ලෙස ජනපති ලේකම් හා මහා භාණ්ඩාගාරය උපදෙස් දී තිබියදීත් යුද හමුදාපති සිය තනතුර රැක ගැනීමට ප්‍රසිද්ධිය ගැනීමේ අරමුණෙන් මෙම සාදය ලැස්ති කර තිබුබවට චෝදනා එල්ල වි තිබේ . මින් පෙර සිටි යුද හමුදාපතිවරැ වසර අග උත්සව සමයේදී මාධ්‍යවේදීන් සඳහා මෙවැනි සංග්‍රහයක් පැවැත්වුවත් හමුදාපති කඩිමුඩියේ මේ සාදය පැවැත්වුවේ ළග ළග තමන්ට එන අපලයේදී මාධ්‍ය සහය ගැනීමට බව සාදයට එක් වු මාධ්‍යවේදීන් අතර කතා බහට ලක් විය.
මින් පෙර යුද හමුදා මුලස්ථානයට යාමේදි මාධ්‍යවේදීන් ගේ ජංගම දුරකථන ගෙන යාමට අවසර හිමි වුවත් මෙි සාදයට එය තහනම් කර තිබුණි . හමුදාපති ආරක්ෂක අංශය උත්සවයට පැමිණි ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දනුෂ්ක රාමනායක හා මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරැණාරත්නගේ දුරකථන සිය භාරයට ගැනීමට උත්සාහ ගත් අතර ඔවුහු ඊට දැඩි විරෝධය පල කරමින් කීවේ ජනපති කතා කරන බැවින් තමාට දුරකථන අවශ්‍ය බවත් එය ගෙන යාමට නොදෙන්නේ නම් තමන් ආපසු යන බවය.

මෙසේ දුරකථන ආරක්ෂක අංශයේ භාරයට ගැනීමට හේතුව පැහැදිලි වුයේ යුද හමුදාපති බමන මතින් පිස්සු කෙලින්නට පටන් ගත් විටය. ඔහු බමන මතින් පිස්සු කෙලින විඩියෝ දර්ශන හා ජායාරෑප එලියට යාම වැලැක්වීමට මෙසේ ජංගම දුරකථන හමුදාපති ආරක්ෂක අංශය සිය භාරයට ගත් බව මාධ්‍යවේදීන්ට පසුව තේරුම් ගියේය.

රට පුරා රෝගීන් බෙහෙත් දෙන්නට රජයට සල්ලි නැති මෙකල හමුදාපති ගේ සාදයේ මිල අධික මත්පැන් වන බැලැක් ලේබල් . ජැක් ඩැනියල් ,වයින්, ,බකාඩි,ජින්,රම් නාන්න තිබුණි. බැලැක් ලේබල් ස්කොච් විස්කි බි වෙරි මරගාතේ යුද හමුදාපතිගේ විකාරරෑපි හැසිරීම මාධ්‍යවේදීන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් විය. තමා යුද්ධය කළ අයෙක් බවට ජනමාධ්‍යවේදීනියන් ඉදිරියේ පම්පෝරි ගසන විට යුද බිමේ සිටි මාධ්‍යවේදීන් තනිව සිනාසුනේ ඇත්ත දන්නා නිසාය. බමන මතින් සිටි හමුදාපති දිගින් දිගටම මත්පැන් ඉල්ලීම හේතුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සිය මස්සිනා අමාරැවෙන් වත්කම් කරගෙන රාත්‍රි ආහාරයට බලෙන් මෙන් රැගෙන යනු ලැබීය. ඒ අතරේ ඇතුමුන් හමුදාපති ගේ කරට අතදමමින් ඔහු මචං තත්ත්වට ගෙන තිබුණි. . එහිදි මාධ්‍යවේදීන් කතා කළේ හැමිල්ටන් වනසිංහ., සරත් ෆොන්සේකා ,ශවීන්ද සිල්වා දයා රත්නායක වැනි මහා පෞරුෂයක් තිබු යුද හමුදාපතිවරැ සමග බලන විට වත්මන් යුද හමුදාපති විකුම් ලියනගේ , ජෝකර් කෙනෙකු බවය. කිසිදු හමුදාපතිවරයකු මත්පැන් ගන්නා විට දේශපාලනය කතා නොකළද එදා සාදයේදී යුද හමුදාපතිවරයා. ජනාධිපතිවරයා ද ගනන් නොගෙන බීමතින් නන් දොඩවා ඇති බව ජනපතිවරයාද දැන ගැනීමට ලැබී ඇත. මේ හේතුවෙන් ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ වරැ දෙදෙනා වෙලපහින්ම සාදයෙන් පිට වී ගිය අතර උත්සවය අවසන් වන තුරා තවත් ජනපති අධ්‍යක්ෂ වරයකු සිටි බව හමුදාපති ගේ කාර්ය මණ්ඩලය දැනගෙන සිටියේ නැත.
රටේ ජනතාවගේ බදු මුදලින් යුද හමුදාපති මෙසේ පිස්සු කෙළිම ගැන සාදයට පැමිණි ජනමාධ්‍යවේදීන් අතර දැඩි කතාබහක් ඇති වී තිබේ .

යුද හමුදාපතිවරයා මෙසේ හැසිරැණු පළමු වතාව මෙය නොවන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු” සතියට “කීවේය. ඇමරිකාව විසින් මෙරටට පරිත්‍යාග කළ නැවක් අධිකාරියට පත් කිරීම නිමිත්තෙන් කොළඹ වරායේදි මාස කීපයකට පෙර උත්සවයක් පැවැත්විනි. ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිනියද පැමිණි සිටි එම උත්සවයේදී යුද හමුදාපතිවරයා හොඳටම වෙරි වි ජනමාධ්‍යවේදීනියකට හේත්තු වන්නට ගොස් තිබුණි. හමුදාපතිට වැඩි වි බව දුටු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හමුදාපතිගේ ආරක්ෂකයන්ට උපදෙස් දුන්නේ ඔහු නිවසට රැගෙන යන ලෙසය. .

විකුම් ලියනගේ හමුදාපති ධුරයට පත් වීමෙන් පසු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් ඔහුගේ බැචා වන මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ගේ සාදයකදීද හමුදාපතිවරයා අධික ලෙස මත්පැන් පානය කරමින් සිය ධුරයට නුසුදුසු ලෙස හැසිරැණු බවට චෝදනා එල්ල විය.

කෙසේනමුදු ඉකුත් 16 දා පැවැති සාදයේදි හමුදාපති වරයාගේ ක්‍රියාකළාපය ගැන
ජනමාධ්‍යවේදීන් පිරිසක් ජනපති , ජාතික ආරක්ෂාව පිළිබඳ ජනපති උපදේශක සාගල රත්නායක ,ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවීන්ද සිල්වා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ සාදයට ගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ” සතියට”කිවේ සිය ප්‍රතිරූපය හදාගන්නට මහජන මුදලෙන් විස්කි දෙන්නට ගොස් හමුදාපතිටත් වුවේ එකක් කඩතොලු වසා ගන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත් ඉඳුරැවේ ආචරියාට වු දේ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *