විජිත හේරත් අස්වෙයි

  • By editor
  • July 11, 2023
  • 0
  • 83 Views

මේ රටට අත්වූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවක් පසුගිය දා කතානායකවරයා විසින් පත්කරනු ලැබූ අතර එහි සාමාජිකත්වය දරනු ලැබූ විජිත හේරත් ඉන් ඉල්ලා අස් වී තිබේ.

කතානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වය ලබා දී තිබුණේ පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙතයි. එහි සෙසු සාමාජිකයන් ලෙස පත්කර තිබුණේ නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ය.

රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බැවින් තමන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් කතානායක වෙත දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *