විදුලිබිලත් අඩු වෙන ලකුණු

  • By editor
  • May 4, 2023
  • 0
  • 219 Views

ලබන ජූලි මාසය වන විට විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

සෑම වසරක ම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට රජය ගත් තීරණයකට අනුව මෙම සංශෝධනය සිදු කරන බවඅමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයට අනුව මෙය සිදු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *