ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
එක්තරා ගුවන් විදුලි නාලිකාවකට එක්වෙමින් ඔහු සදහන් කර ඇත්තේ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කරන බව ය.
වසර හැත්තෑ පහක් තිස්සේ මෙරට පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා නව ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
මෙරට ආගමික නායකයන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තීයවේදීන් හා මහජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත තමන් මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.