විදුලි සංඥා නොතකා රේස් පැද්ද බස් එක ලොරි රථයක ගැටේ – 08ක් රෝහලේ

  • By editor
  • August 14, 2023
  • 0
  • 141 Views

අද අලුයම බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ සිදුවු අනතුරකින් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ බස් රථය කොළඹ සිට කතරගම බලා දක්වා ධාවනය වීමට නියමිත එකක් වන අතර ලොරි රථයක ගැටී මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇත.

ඊට හේතුව ලෙස පොලිසිය සඳහන් කරන්නේ අදාළ බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කරද්දී මෙම අනතුර සිදුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *