විදේශගත ශ්‍රී ලාංකිකයින්ට වාහන බලපත්‍ර ලබාදීම සදහා වන වැඩසටහන කඩාකප්පල් කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමිපික රණවක මන්ත්‍රීවරයා ගෙන යන වැඩපිළිවෙල පිටුපස ඇත්තේ වාහන ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ ගැටලුවක් බව අනාවරණය වේ.
විදේශ ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේශණ මත පදනම්ව විදුලි වාහන ආනයනය සදහා බලපත්‍ර ලබාදීම ආරම්භ කළ අවස්ථාවේදී වාහන ආනයනකරුවන් සියලුදෙනාමට එම අවස්ථාව විවෘත කර තිබුණි. එහෙත් එම අවස්ථාව සදහා ඉදිරිපත් වී තිබුණේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක් පමණි.
කෙසේ වෙතත් පසුව අනෙක් ව්‍යාපාරිකයින්ට ද එම අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය වී තිබූ අතර ඔවුන්ටද වාහන ආයනය කිරීමට අවස්ථාව විවෘත කර තිබුණි.
කෙසේ නමුත් ව්‍යාපාරික කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ව්‍යාපාරික ගැටුමක් හමුවේ එක් කණඩායමක් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා හමුවී තමන්ට සහාය ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද, ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභාවලදී මෙම වාහන බලපත්‍ර ක්‍රමය නතර කිරීම සදහා කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් අනාවරණය වේ.