විදෙස්ගත ශ්‍රමිකයින්ට තීරු බදු සහන

  • By editor
  • May 1, 2023
  • 0
  • 51 Views

මෙරට විදෙස්ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කර තිබේ.

ඒ අනුව තමන් එවූ මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබාගැනීමට හැකියාව පවතින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

කාණ්ඩ පහක් යටතේ එම සහනය ක්‍රියාත්මක වන අතර අමෙරිකානු ඩොලර් 2,400 ත් 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතී.

අමෙරිකානු ඩොලර් 4,800ත් අමෙරිකානු ඩොලර් 7,199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද අමෙරිකානු ඩොලර් 7,200ත් අමෙරිකානු ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 1,440ක අතිරේක තීරු බදු සහනයක් ද මෙමඟින් හිමිවනු ඇත.

ඊට අමතරව අමෙරිකානු ඩොලර් 12,000ත් අමෙරිකානු ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 2,400ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින බව සඳහන්ය.

අමෙරිකානු ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතින අතර වසරක කාලයක් තුළදී අදාළ මුදල් මෙරටට එවා ඇති ඕනෑම අයෙක්ට එම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *