විමල් විරවංශට වරෙන්තු

  • By editor
  • June 19, 2023
  • 0
  • 67 Views

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට 2016 වසරේදී සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් වූ නඩුව අද කැදවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.

මෙම නඩු කටයුත්ත විභාගයට ගන්නා සෑම දිනකම විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටිමෙන් කිසිදාක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ද විනිසුරුවරයා විසින් සදහන් කර තිබේ.

ඒ අනුව සියලු දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර නඩු ඇසීමට සිදු වනු ඇතැයිද එතුමා අවවාදයක් ද කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *