ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එකඟ වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන් පවසන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් සදහන් කරයි.
නමුත් ඒ පිළිබඳ අද වනවිට ජාතික ජන බලවේගයේ නායකයන් ඒ පිළිබඳව තම මතය ඉදිරිපත් නොකර සැඟවෙන බවත් ඔවුන්ට ඒ පිළිබඳව තනි මතයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දේ.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරියට මේ මොහොතේ “දහතුන්වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම” පිළිබඳව තම මතය වෙන වෙනම පවසන ලෙස අභියෝග කර සිටින බව ද ජානිපෙ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.