විමුක්ති කුමාරතුංග මී ළග අගමැති අපේක්ෂක !

  • By editor
  • September 2, 2023
  • 0
  • 126 Views

ඉදිරි මහා මැතිවරණයකදී විමුක්ති කුමාරතුංග අගමැති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුවට උදව් කරන විපක්ෂයේ ප්‍රබල දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට තිබූ බවට ද එකල කතාබහට ලක්වුණි.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයෙකු විදෙස් රටකදී විමුක්ති හමුවී මේ බව දැනුම් දී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. මේ සදහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහය ද ලැබී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් විමුක්ති කුමාරතුංග මේ ගැන අවසන් තීරණයක් දැනුම් දී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *