විරංජිත් තාඹුගල හෙලිකොප්ටරයකින් බන්ධනාගාරයට – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග රහස් සාකච්ඡාවක්

  • By editor
  • January 14, 2024
  • 0
  • 459 Views

ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල තම පුද්ගලික හෙලිකොප්ටරයකින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බව සමාජ ක්‍රියාකාරී දුලාන් සේනාධීර මහතා සදහන් කරයි.

ඒ පිළිබඳ සියලු තොරතුරු කඩිනමින් රටට හෙළි කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය 11 වැනි දා පෙරවරුවේ දී අනුරාධපුර බන්ධනාගාරය ඇතුළත ක්‍රීඩාංගණයට විරංජිත් තාඹුගල නමැති තැනැත්තා සිය පෞද්ගලික හෙලිකොප්ටරයකින් පැමිණ එම බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය සැකකරුවන් කිහිප දෙනෙකු සමග රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බවත්, මේ සඳහා අනුරාධපුර පොලිසියේ සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා ද එක්ව ඇති බවත් ඔහු හෙළිදරව් කළේය.

මේ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත ද ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *