හැටන් මහෙස්ත්‍රාත් විවෘත අධිකරණයේ විභාග වෙමින් තිබු නඩුවක පැමිණිලිකරුවෙකු අධික ලෙස බිමත්ව අධිකරණයට අපහස වන අයුරින් හැසිරි තිබේ.
ඒ හේතුවෙන් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක් ඩින් මහතාගේ නියෝගයක් මත අධිකරණය භාර සැරයන්වරයෙකු විසින් (12) දින සැකකරු හැටන් පොලිසියට භාර දි ඇත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ හැටන් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙකි.
සැකකරුගේ නිවසට පුද්ගලයෙකු අයුතු ලෙස ඇතුල්විමක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවක තින්දුව හැටන් මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කරන අවස්තාවේ පැමිණිලිකරු විසින් නිතිඥවරයෙකු නොමැතිව මහෙස්ත්‍රාත්වරයාගේ අවසරයකින් තොරව විවෘත අධිකරණයේ චුදිතට එරෙහිව මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන්ද එම අධිකරණයේම විභාග වෙමින් පවතින තවත් නඩුවකට මෙවැනිම දඩුවමක් ලබාදෙන ලෙස ප්‍රකාශ කිරිමත් සමග සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු අධික ලෙස බිමත්ව සිට ඇත.