විශ්‍රාමික වෛද්‍යවරුන් යළි සේවයට

  • By editor
  • August 19, 2023
  • 0
  • 170 Views

විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි. විජේසුරිය සදහන් කළේ රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලී පදනම මත ඔවුන්ට නිල නිවාසද සපයා දීමට පියවර ගන්නා බවය.

ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළේය. පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුරුගේ කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී මෙරට සේවය සඳහා විදේශ රටවලින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *