ගුරු හිගය මගහරවා ගැනීමට විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
2023 වසරට වෙන්කළ මුදල් පළාත් සභාවල පවතින හෙයින් ඒ පිරිස බඳවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පළාත් සභාවලට දැනුම්දෙන බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී නැගුණ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළකළේය.