විශ්වවිද්‍යාලවල දේශන කටයුතු ලබන 17 වැනි දා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.
අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
බදු ප‍්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය පසුගිය මාර්තු මස 09 වනදා ආරම්භ කළේය.
කෙසේවෙතත් අදට දින 48 ප‍්‍රමාදවී ඇති උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් සඳහා සභභාගිවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නොමැති බව සදහන් වේ.