විශ්වවිද්‍යාල සිසුන්ට සුබ ආරංචියක්

  • By editor
  • September 11, 2023
  • 0
  • 52 Views

විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

දැනටමත් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙන බව ද වාර්තා වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මේ වන විටත් නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර ඇති අතර එම නිවාස සංකීර්ණය විශ්වවිද්‍යාලයට බාරදීම සඳහා මෙම සතියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු එම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800කට පමණ නේවාසික පහසුකම් සැලසෙන අතර වර්ග අඩි 450කින් සමන්විත එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 60ක් බව ද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *