නියමිත පටිපාටියට පිටින් කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිවරිය එම තනතුර සඳහා පත්කර ඇති බවට වාර්තා වේ.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ වැඩසහනකට එක් වෙමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය මේ පිළිබද චෝදනා කරමින් වාර්තා කර තිබේ.
මෙම දුෂිත කටයුත්තට සදහා හිටපු ප්‍රබල දේශපාලකයෙකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ බවට ද සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර සදහන් කර තිබේ.
අදාළ විදුහල්පතිවරිය විශාකා විද්‍යාලයට ඇතුළත් කර ඇත්තේ විදුහල්පති ධුරයේ නියමිත පලපුරුද්දවත් නොමැතිව බවත් ඔවුන් හෙළි කර ඇත.