විශේෂ ප්‍රභූවරයෙක් විශේෂ ඇමතීමක් කරන බව දන්වා ජනපති වරයා ජාතිය අමතන ආකාරයට රාජ්‍ය ආරක්ෂක ඇමති විනාඩි 10 කතාව කරන්න කළ විනාසය

  • By editor
  • March 23, 2023
  • 0
  • 77 Views

මාර්තු 20 වැනිදා උදෑසනම පනාගොඩ පිහිටි බස්නාහිර ආඥාපති කාර්‍යාලයට හතර වටින්ම හමුදා බල ඇණි වල භට පිරිස් කැඳවනු ලැබීය..
නියෝගයට අනුව විශේෂ ප්‍රභූවරයෙක් විශේෂ ඇමතීමක් කරන්නට නියමිත විය..
මේ අනුව අළුයම් කාලයේ සිට හතර වටින්ම හමුදා බල ඇණි වල භට පිරිස් පනාගොඩ කරා පැමිණෙන්නට වූහ.
සෑම බලඇණි එකෙන්ම බලඇණිය කින්ම නිලධාරීන් දෙදෙනකු හා සෙසු නිලයන් දස දෙනකු බැගින් සහභාගී කරන ලෙස නියෝගයේ සඳහන් විය.
බස්නාහිර පතිවරයා යටතේ පාලනය වන පුත්තලම,රත්නපුර මාතර බලංගොඩ දියතලාව ගාල්ල ප්‍රදේශවලින් හමුදා වාහන වල වාහනවල නැඟ ගත් නිලධාරීන් හා භට පිරිස් පනාගොඩ කරා පැමිණියේ විශේෂ ඇමතිම සදහාය..
හමුදාවේ රාජකාරි වලට පවා තෙල් සීමා කර ඇති මොහොතක විශේෂ ප්‍රභූවරයාගේ ඇමැතීම සඳහා කිසිදු කිසිදු වග විභාගයකින් තොරව වාහනවල නංවා මෙම භටපිරිස් හතරවටින් පනාගොඩ කැඳවනු ලැබූහ.
මෙතරම් වියදමක් දරා හතර වටින්ම හමුදා බල ඇණි හතළිහක පමණ භට පිරිස් සහ නිලධාරීන් පනාගොඩ කැඳවූ හ.
මේ විශේෂ කැඳවීම ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හට හමුදා භටපිරිස් ඇමැතීමට බව පසක් වෙන්නේ එහි පැමිණි පසුය
හමුදාවේ සේවය අගය කර රාජ්‍ය ඇමතිවරයා ඇමැතිවරයා මාර්තු මාසයේ රුපියල් දාහතර දාහක් වැඩි කිරීමට සිටිය ද සිටියද ඇය අප්‍රේල් මාසයේ සිට ලබා දිය හැකි බවත් ඉදිරියේදී හමුදාවෙන් සේවය අතහැර නොයන ලෙසත්,ගෞරවනීය රැකියාව රැකගන්නා ලෙසත් හමුදා නිලධාරීන්ගේ හා භට පිරිස ගෙන් ඉල්ලා සිටියහ.රාජ්‍ය ඇමති වරයාගේ සමස්ත කතාව විනාඩි දහයක් පමණ ය..
මෙවැනි කතාවක් කරන්නට දහස් ගණන් තෙල් වියදම් කරව හතරවටින් ගෙන්වාගැනීම විහිළුවක් බවට එහි පැමිණි සියලු දෙනා අතර කතා බහට ලක්වූ කාරණාවක් විය.. සුම් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය ඇමති වරයාට අවශ්‍ය නම් මට පිරිස ඇමතීමට හැකියාව තිබුණ ද,කිසිවකුගේ හෝ ලණුවක් කා රාජ්‍ය ඇමැතිවරයා ඔහුට තිබුණ ගෞරවය ද කෙලෙසා ගත් බව සිද්ධියට මුහුණ පෑ හමුදා නිලධාරීන් කියන කතාවය..
දිගට හරහට යුද හමුදාව අතහැර යාමට පටන් ගැනීමත් සමඟ රාජ්‍ය ඇමතිවරයා කැඳවා මෙම ප්‍රකාශය කරවන්නට සැලසුම්කර තිබිණි..
කෙසේ වෙතත් එක්වරම හමුදාව අතහැර විශාල ප්‍රමාණයක් පැන යාමට හේතුව හා හමුදාවෙන් ඉවත්වීමට ලිපිගොනු භාරදීමට හේතුව පසුපස සිටින්නේද රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා බව එහි සිටි නිලධාරීන් ම කතා බහට ලක්විය..අයි.එම්.එෆ් ණය කොන්දේසි අනුව හමුදාවේ පිරිස් බලයෙන් ලක්ෂය දක්වා අඩු කරන්නට මූ යෝජනාව අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධියේම කියා පෑමත් සමග හමුදාවේ විශාල පිරිසක් අනාගතයේ අඳුරු බව දැක හමුදාවත් හැරයාමට පටන් ගෙන ඇත.රටක ජාතික ආරක්ෂාවට ඉඳුරාම බලපාන හමුදාවේ පිරිස් බලය පිටතට හුවා දැක්වීම ලොව කිසිම රටක නොදකින්නට ලැබුන දෙයක් වුවද රාජ්‍ය ආරක්ෂක ඇමති වරයා කළ ප්‍රකාශය ජාතික රහස් එලියට දුන්නා හා සමාන බව වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *