විෂ ඖෂධ ගැන හොයන්න කෙහෙළියගෙන් කමිටුවක්

  • By editor
  • July 17, 2023
  • 0
  • 137 Views

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කර තිබේ.

පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදුවූ මරණ පිළිබඳව සොයා බැලීම සදහා පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති විශේෂඥයින් මෙම කමිටුවට ඇතුළත් කළ බව ද හෙතෙම පැවසීය.

සියලු ආන්දෝලනාත්මක මරණ සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් පූර්ණ පරීක්ෂණයක් පවත්වා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *