වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන ආර්ථිකමය ක්‍රියාමාර්ග හේතුවෙන් සමගි ජන බලවේගය පිරිසටකට මරු පහරක් එල්ල වී ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු මේ බව සදහන් කරනු ලැබුවේ අන්තර්ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්තිය රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්තිය නොවන බවයි.
ජනපතිගේ වැඩපිළිවෙල හේතුවෙන් සමගි ජන බලවේගය බරපතළ ප්‍රතිපත්තිමය ගැටලුවකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන පාඨලී චම්පික රණවක සඳහන් කරන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීමට සිදුව ඇති බවයි.
එමෙන්ම පිය උරුමයෙන් ලැබෙන දේශපාලනය උරුමයන් සමග දේශපාලනය කරන කුමාරවරුන් සහ වෙන්න ආර්යාවන් සමඟ දේශපාලනය කිරීම කළ නොහැකි බවත් රට ගොඩනැගීම සඳහා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට තමන් ඇතුළු පිරිසක් පියවර ගත් බවත් ඔහු සදහන් කර තිබේ.