වෙළෙඳ පොළේ ඇති ත්‍රිපෝෂ වර්ග හා බිස්කට් වර්ග අවුරුදු 3ට අඩු ළමයින්ට දෙන්නේ බලාගෙනයි – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

  • By editor
  • September 20, 2023
  • 0
  • 203 Views

වර්ෂ අවුරුදු 3ට අඩු දරුවන් සදහා දැනට පක්ෂය ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොකරන බැවින් බොහෝ දෙමව්පියන් වෙළඳපොලේ ඇති විවිධ ත්‍රිපෝෂ වර්ග හා ළදරු ආහාර වර්ග නිසි අධීක්ෂණයකින් තොරව කුඩා දරුවන්ට ලබාදෙන බවත් එම ඇසුරුම්වල සදහන් උපදෙස් නිසි පරිදි අවබෝධ කර නොගෙන කටයුතු කිරීම නිසා කුඩා දරුවන් නොදැනුවත්වම පිළිකා රෝග වල ගොදුරක් බවට පත් විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ගෙන්වන බඩ ඉරිඟු තුළ අඩංගු වන ඇෆ්ලටොක්සීන් දිලීර පිළිකා ජනක ය ප්‍රමාණය ඉතා ඉහළ අගයක පවතින බැවින් දැනට ත්‍රිපෝෂ නිශ්පාදනයේදී වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා පමණක් අදාළව පරිසාධන මට්ටම් පවත්වා ගෙන යාමට මෙරටට පෝෂණ නිෂ්පාදන සමාගම් කටයුතු කරයි.
සාමාන්‍යයෙන් එම අගය බිලියනයකට කොටස් තිහක් පමණ වේ.
වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා එම අගය බිලියනයකට කොටස් එකකට වඩා අඩු විය යුතු වුවත් ලංකාවට දැනට ගෙන්වන බඩ ඉරිගු සහ අනෙක් ධාන්‍ය වර්ග වල ඊට වඩා ඉහල ප්‍රතිශතයකින් ඇෆ්ලටොක්සීන් පැවතීම නිසා මෙරට වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා ත්‍රිපෝෂ නිෂ්පාදන යාන්ත්‍රණය දැනට අඩාළ වී ඇත බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ගුණාත්මක බවින් ඉහළ හානිකර පිළිකා ජනක වලින් තොර බඩඉරිඟු ඉතා ඉහළ පිරිවැයක් දැරීම නිසා දැනට ලංකාවට ත්‍රිපෝෂ නිශ්පාදනයේදී ගෙන්වනු ලබන්නේ ඇෆ්ලටොක්සීන් අගය ඉහළ බඩඉරිඟු වෙයි.

දැනට පෞද්ගලික අංශය විවිධ ත්‍රිපෝෂ වර්ග සහ ළදරු ආහාර පිටිකිරි වර්ග බිස්කට් වර්ග වෙළඳපොලේ අලෙවි කිරීමේදී එම ඇසුරුම්වල aflatoxin මට්ටම සඳහන් කිරීමක් හෝ වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා එම ළදරු ආහාර වර්ග ලබා දීම යෝග්‍ය නොවන බවට වන පණිවිඩය ඉතා පැහැදිලිව දැකගත නොහැකි වන අන්දමට ඇසුරුම්වල සඳහන් කර ඇති අන්දම අදාළ ජන මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකාව තුල දෛනිකව වාර්තා වන පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් ළදරු පිළිකා හා ළමා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන තත්ත්වයක් යටතේ දී ළදරු ආහාරවල ප්‍රමිතිය නිසි පරිදි නියාමනය නොවීම නිසා නොදැනුවත්වම කුඩා දරුවන් පිළිකා රෝග වලට ගොදුරු විය හැකි බවත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයත් ජාතික ප්‍රමිති කාර්යාංශය කාර්මික තාක්ෂණ ආයතනය ඒකාබද්ධව නිසි නියාමන වැඩසටහනක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වෙළඳපොලේ පවතින මෙම ළදරු ආහාර වල ඇසුරුම් තුළ දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා වන පණිවිඩය අපහැදිලි ලෙස සඳහන් කර තැබීම වංචාවක් බවත් මේ සඳහා නොදැනුවත්වම විශාල වශයෙන් දරුවන් කිරි දෙන මවුවරුන් සහ ගර්භනී මව්වරුන් පිළිකා රෝගවල ගොදුරු බවට පත්වීම නොවැළැක්විය හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
වෙළඳපොලේ පවතින විවිධ ත්‍රිපෝෂ වර්ග සහ ළදරු ආහාර වල සාම්පල වර්ග ලබන සතියේ දී ජාතික ප්‍රමිති කාර්යාංශය ට සහ කාර්මික තාක්ෂණ ආයතනයට ලබාදී වාර්තා ලබාගෙන ඒවා ප්‍රකාශයට පත්කිරීමට තම වෘත්තීය සමිති සන්ධානය බලාපොරොත්තු වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ළදරු ආහාර සම්බන්ධව ප්‍රචාරණය දී දේව වෙළඳ දැන්වීම් වල දී ද ඇසුරුම් වල දී ද පැවතිය යුතු කරුණු සම්බන්ධයෙන් වෙළඳ ආයතන දැනුවත් වන්නේ දැයි නියාමනයක් සිදු කිරීම රජයේ වගකීම බවත් ප්‍රාදේශීය වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහයෝගය ඇතිව සාම්පල පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පෝෂණ හා පාරිසරික ඒකක මෙවැනි ක්‍රියා සඳහා මැදිහත් නොවන්නේ නම් එය බරපතළ අපරාධයක් බව ද තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *