වෛද්‍යවරියකට කැත වැඩක් කළ සුළු සේවකයා අත්අඩංගුවට

  • By editor
  • January 15, 2024
  • 0
  • 80 Views

මහනුවර ජාතික රෝහලේ තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කළේ යැයි චෝදනා ලත් සෞඛ්‍ය කාර්ය සහායකයකු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

මහනුවර ජාතික රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කුඩා කුටියක ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම වීඩියෝ රූගත කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සෞඛ්‍ය කාර්ය සහායකවරයාද උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ සේවය කරන්නෙක් බව සඳහන් වන අතර ඉකුත් 12 දා මෙම ස්ථානයේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියක ඉතාමත් සූක්ෂම ලෙස රඳවා තබා ඇති මෙම ජංගම දුරකථනය දැක ඒ පිළිබඳව අනෙකුත් වෛද්‍යවරුන් දැනුවත් කොට මහනුවර මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කොට දුරකථනය භාරදීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *