වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙනත් CID එකට ගෙන්වයි

  • By editor
  • December 18, 2023
  • 0
  • 153 Views

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

කෙසෙවෙතත් එලෙස පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ඉකුත් 11 වනදා උදේ 10.00 ට වන නමුත් අදාළ කැදවීමේ ලිපිය බෙල්ලන මහතාට ලැබී ඇත්තේ ද එදින දහවල් බව ද ඔහු සදහන් කර ඇත. එම හේතුවෙන් වෙනත් දිනයක් ලබා දෙන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ද හෙතෙම පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සදහන් කරන්නේ වෘත්තිය සමිති නායකයින් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන්නට දක්වන උනන්දුව හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දක්වන්නේ නම් එවැනි ප්‍රකාශ සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *