වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන ඉවත් කරනකන් වෘත්තීය සමිති වැඩවර්ජනයක

  • By editor
  • February 17, 2024
  • 0
  • 73 Views

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති.

කනිෂ්ඨ සේවකයින් විසින් පසුගිය දා පැවැත් වූ වැඩවර්ජනය හෙළා දකිමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන මහතා මාධ්‍ය වෙත නොයෙකුත් ප්‍රකාශ සිදු කරනු ලැබීය.

එසේම වෘත්තීය සමිති නායකයින් ද විවේචනය කරමින්, එම වැඩ වර්ජනය සදහා දායක වූ සියල්ලන්ගේ වැඩ තහනම් කළයුතු බවට ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන මහතා දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරනු ලැබීය.

අනතුරුව ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඊයේ දිනයේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඔහුගේ කාර්යාලයේ බලහත්කාරයෙන් රඳවා ගත් අතර, පැය 06කට ආසන්න කාලයකට පසු ඔහු එම කාර්යාලයෙන් ඉවත් වූයේ, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *