අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරයෙක් විසින් වෛද්‍යවරයෙකුට කළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදුකර තිබේ.
එහිදී තුවාල ලැබූ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.