ශම්මිගේ ක්‍රිකට් පාවාදීමේ ලිපිය එළියට

  • By editor
  • November 18, 2023
  • 0
  • 98 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කර ඇති විශේෂ ලිපිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද අද කටයුතු කළේය.

මෙම හරහා මෙරට ක‍්‍රිකට් තහනමට පාර කපා ඇති බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට අදාළ ලිපි මගින් දන්වා ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අදහස් දක්වමින් කතානායකයරයාගෙන් ඉල්ලා සිටියේ විපක්ෂ නායකවරයා විසින් ලිඛිත සාක්ෂි සහිතව හෙළිදරව් කල කරුණ බරපතල බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාර සභාවක් පත්කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *