ශවේන්ද්‍රගේ තුරුම්පුවෙන් විමල් නොකවුට්

  • By editor
  • June 29, 2023
  • 0
  • 180 Views

තමන් රජය පෙරලීමට කමන්ත්‍රණය කළ බවට සහාය දැක්වූ බවට අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශයක් සිදු කළ චෝදනාවලට එරෙහිව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අපහාස නැඩුවක් පැවරීමට සූදානම් වන බවට යැවූ එන්තරවාසියට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්, අධිකරණය දිරියේ අපහස නඩුවක් පැවරීමට ශවේන්ද්‍ර සිල්වා තීරණය කර ඇත.

මෙම නඩුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු ගෝඨාභය රාපජක්ෂ ආණ්ඩුව විශ්මයට පත් කරන ලියවිල්ලක් ශවේන්ද්‍ර සිල්වා පාර්ශවයේ නීතීඥවරුන් ඉදිරිපත් කරනු ඇති බවට ඔහුට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.

2022 මැයි 9 වැනිදා රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ආණ්ඩුව එකල හමුදාපතිවරයා වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට උපදෙස් දී ඇත්තේ අරලගකරුවන්ට වෙඩි තබන ලෙසය. එහෙත් එසේ අරගලකරුවන්ට වෙඩි නොතැබීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ලියන ලද “නවය සැවුණ කතාව” කෘතියෙන් හා එම කෘතිය දොරටවැඩීම නිමිත්තෙන් පසුගිය අප්‍රේල් 25 වැනිදා පදනම් ආයතනයේදී පැවති උත්සවයේදී දැඩි විවේචනයක් ඉදිරිපත් කර තිබුණි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඇමරිකානු තානාපතිනිය හා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රජය පෙරලීමට කුමන්ත්‍රණය කර ඇති බවය. ඒ නිසා ශවේන්ද්‍ර සිල්වා වෙඩි තැබීමේ නියෝගය නොතකා හැර ඇති බවටද විමල් වීරවංශ පවසා තිබේ.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය කෘතියෙන් මාර්තු 31 වැනි දින ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවස වටලන අවස්ථාවේදී ශවේන්ද්‍ර සිල්වා තරු පහේ හෝටලයක විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටින බවට චෝදනා එල්ල කර තිබුණි. එම විවාහ මංගල්‍යයට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සියුම ඥාතීන් එකව සිට ඇත.

රාජපක්ෂ පවුලේ ඥාති පුතකු වන කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියගේ පුතකුගේ විවාහ මංගල්‍යයට මේ සියලු දෙනා එක්ව සිටි අතර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එලල්වී ඇති ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ප්‍රසන්න වික්‍රමසූරියගේ සොහොයුරාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *