ශ්‍රීපාලියේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට මංජුල රණවක තේරී පත්වෙයි

  • By editor
  • January 14, 2024
  • 0
  • 157 Views

හොරණ ශ්‍රිපාලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස මංජුල රණවක මහතා තේරී පත්ව තිබේ.

එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට නව නිලධාරී මඩුල්ලක් තෝරාපත්කර ගැනිම වෙනුවෙන් විදුහල්පතිනි අනූෂා දමයන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති නිලවරණයෙන් මංජුල රණවක මහතා වැඩි ජන්ද 138 කින් ජයග්‍රහණය කර ඇත.

එම තනතුර සදහා මංජුල රණවක සහ දුෂාන්ත අබේවර්ධන මහත්වරුන්ගෙන් යෝජනා පත්‍ර දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දයක් පැවැත්වීමට තීරණය කොට තිබුණි. එහිදී මංජුල රණවක මහතාට ඡන්ද 307ක් ලැබුණ අතර අනෙක් පාර්ශවයට ලැබුණේ ඡන්ද 169ක් පමණි.

එසේම මෙම සංගමයේ ලේකම්ධූරයට සුරංගා සමන්ති වීරසිංහ මහත්මිය සහ භාණ්ඩාගාරික ධූරයට නුවන් විදානගේ මහතාත් තේරි පත්විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *