ශ්‍රීලන්කන් නැවත අනාගනී – මාලදිවයිනට යාමට පිටත් වූ ගුවන් යානය කාර්මික දෝෂයකට

  • By editor
  • December 20, 2023
  • 0
  • 101 Views

කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්වූ බව වාර්තා වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානය මෙලෙස කාර්මික දෝෂයකට ලක්වූ බව ය

අද උදෑසන 7.00 ට පමණ මගීන් 201ක් රැගෙන ගමන් ඇරඹූ ගුවන් යානය ගුවන් ගත වී විනාඩි 10 කට පසුව ගුවන් යානය කාර්මික දෝශයකට ලක් ව තිබේ.

මේ වනවිට මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ අලුත්වැඩියා කරමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වේ.       

මෙම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන් අතරින් හදිසි අවශ්‍යතාව අනුව මාලදිවයිනට යාමට සිටි පිරිස කටුනායක සිට මාළදිවයින බලා පිටත්ව යන වෙනත් ගුවන් සේවා යානා වලින් එරටට යොමු කිරීමට පියවර ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *