ප්‍රමාණවත් ගුවන්යානා නොමැති වීම හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා හතරක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීම පැය ගණනක් ප්‍රමාද වී තිබේ. එම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව තිබේ.
ඒ අනුව සිංගප්පූරුව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානා පැය ගණනාවක් ප්‍රමාද වී තිබිණි.
පාකිස්තානයේ ලාහෝර් නුවර බලා ඊයේ (28 වැනිදා) අලුයම 2.30ට පිටත්ව යාමට නියමිතව තිබූ UL 153 ගුවන්යානය පැය ගණනක් ප්‍රමාද වීම නිසා එහි ගමන් කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහ කොමසාරිස්වරයාට යළි නිවස බලා පිටත්ව යාමට සිදුවිය.
ඉන්පසු ඉන්දියාවේ චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා බලා පිටත්ව යාමට තිබූ ගුවන්යානාද ප්‍රමාද වීම නිසා මගී ජනතාව කලබල කිරීමට පටන්ගෙන තිබේ. සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපොළ බලා ඊයේ (28 වැනිදා) දහවල් 12.15ට ගුවන්ගත වීමට නියමිතව තිබූ UL 308 දරන ගුවන්යානය පැය පහක් පමණ ප්‍රමාද වන බව මගීන් දැනගෙන ඇත්තේ ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුවය. මෙම ගුවන්යානය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (28 වැනිදා) පස්වරු 5.00ට පමණය. මෙම ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා යාමට පැමිණි මගීන්ට ආහාර ලබාගැනීම සඳහා ටෝකන් පත්‍ර නිකුත් කළද ආහාර නොලැබුණු බවට මගීහු චෝදනා කරති.
මේ පිළිබඳ කරුණු විමසීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ක්ෂණික දුරකථන අංකය වන 011-7771979ට දුරකථන ඇමැතුම් ලබාගත්තද ප්‍රතිචාර නොදැක්වීම නිසා මගීන් තවත් අපහසුතාවට පත්ව ඇත.
ශ්‍රීලන්කන් නැවත අනාගනී
-
By editor
- September 29, 2023
- 0
- 120 Views
You Might Also Like
-
December 6, 2023
ටිරාන් අලස්ගේ පුතාගෙන් අල්ලස් ඉල්ලූ නිලධාරීන් ගැන පරීක්ෂණයක්
-
December 6, 2023
විදේශගත ශ්‍රමිකයන්ට ණය ක්‍රමයක්
-
December 5, 2023
හරීන් ප්‍රනාන්දුගේ නව පත්වීම් මෙන්න